දිනය : අද
ස්ථානය : රෝහල
හමුව : ඔබත් ඔබේ වෛද්‍යවරයාත්
හේතුව : රෝහල් ගතව සිටින ඔබේ දරුවා
“අද ආපු වාර්තා සියල්ලක් අනුව තහවුරු වෙනවා , ඔබේ දරුවාට තිබෙන්නෙ එක්තරා බැක්ටීරියා ආසාදනයක් , නමුත් මෙතෙක් අප ලබා දුන් කිසිම ඖෂධයකට රෝග තත්ත්තවය අඩු නොවූ නිසා කළ වැඩි දුර පරික්ෂණ වලින් පසුව අපට දන්වලා තිබෙනවා මේ බැක්ටීරියාවට පහර දෙන්නට කිසිම බෙහෙතක් නැති බව “
“ඒ කියන්නේ ?“
“ ඒ කියන්නෙ අපට මේ දරුවගේ රෝග තත්ත්වය සුව කරන්න නම් , ඇඟේ ඉන්න මෙම බැක්ටීරියාවන් විනාශ කරල දාන්න ඕන , නමුත් අප ගාව තියෙන ප්‍රබලම ඇන්ටිබයෝටික් එක දුන්නත් , එයිනුත් මෙම බැක්ටීරියාව විනාශ කරන්න බැහැ , ඒ කියන්නේ දරුවට මේ තියෙන රෝග තත්ත්වය සුව කිරීම ගැන බලාපොරොත්තු තබා ගන්න අමාරුයි “
“ඒ කියන්නෙ මේ කැස්ස , උණෙන් දරුවගේ ජීවිතේ වුනත් ....... ?“