අද මාතෘකාව තමයි The "And" Technique. මේ කතාබහේදි සමහර විට අපට භාෂාමය ගැටළුවක් එන්නත් බැරි නෑ. මොකද, අපේ භාෂාව තුල යම් සීමා තිබෙන නිසා සහ වචනයකදී එන අර්ථයේ බර, ලිඛිත සහ වාචික භාවිතයේදි යම් වෙනස්කම් පවතින නිසා. නමුත් අප වඩාත් දැනෙන විදියට මෙම උපක්‍රමය ගැන කතා කරන්න බලමු. ඒහේතුවෙන්ම, මෙම ලිපිය තුල සමහර තැන් වඩාත් "දැනෙන ලෙස" පැහැදිලි කිරීම සඳහා ඉංග්‍රීසි වාක්‍යය කිහිපයකුත් එකතු කරන්නට සිදුවේවි.
මේ And technique එකේදි කරන්නේ, සම්පුර්ණයෙන් කළු-සුදු විදියට ලේබල් කරන හෝ හිතට පිළිගන්න අදහස් දෙකක්, ටිකක් සැර බාල කරලා, එහි "ඇත්ත" තත්ත්වය ගැන හිතන්න පොළඹවන එක.
උදාහරණයක්,
මම මගේ සැමියා/බිරිඳට හුඟක් ආදරෙයි.
එයා මගේ හිත රිද්දනවා.
මේ සිදුවීම තනි වාක්‍යයට ගන්න පුළුවන් ක්‍රම කිහිපයක් තියෙනවා.
මගේ සැමියාට මා හුඟක් ආදරේ නමුත්, එයා මගේ හිත රිද්දනවා. (I love my spouse, but s/he hurt my feelings)
මගේ සැමියා/බිරිඳට මා හුඟක් ආදරේ වුවත්/මෙන්ම, එයා මගේ හිත රිද්දනවා. (I love my spouse, and s/he hurt my feelings)
දැන් මෙතැන පළමු වාක්‍යය කියවගෙන යත්දි, "නමුත්" එහෙම නැත්නම් but කියන තැනෙන් පස්සේ කියවන කෙනාගේ හිතට දෙන්නේ "එයා" මහ නරක කළු චරිතයක් විදියට. හැබැයි, දෙවන වාක්‍යයෙන්දි, "වුවත්/මෙන්ම" /and කියත්දි, කියවන්නාගේ හිතට ඒ සිදුවීම් දෙකේම "ඇත්ත" තත්ත්වය බාර ගන්නට, පිළිගන්නට ඉඩක් දෙනවා.
හේතුව මේකයි, අපේ හිත කැමතියි "පැත්තක් ගන්න" , ක්ෂණිකව තීරණයක් දෙන්න. එතැනදි but කිව්ව ගමන්, එයින් එහා පැත්ත රිදෙන, නරක , වැරදි වගේ හැඟීමක් හිතට දෙනවා. නමුත්, and හෝ සහ/මෙන්ම කියත්දි අපට දෙපැත්ත ගැනම ටිකක් සමබරව හිතන්නට අවස්ථාවක් ලැබෙනවා. තවත් විදියකින් කිව්වොත් and උපක්‍රමය , සැබෑ ස්වරූපය හදුනාගන්නට පෙළඹවීමක් කරනවා.
දැන් අපි තවත් දෙබස් කීපයකටත් ගිහින් බලමු.
හිතන්න, ඔබට හෙට ලොකු පිරිසක් ඉස්සරහ බොහොම සංකීර්ණ ප්‍රසන්ටේෂන් එකක් කරන්න තියෙනවා. ලොකු වගකීමක්, මීට ඉස්සර මේ වගේ එකක් කරලත් නැත්නම්, දැන් ඔබේ හිතට කංසා ගතියක් දැනෙන එක අහන්නත් දෙයක්ද.
ඉතින්,
හෙට කරන්න තියෙන ප්‍රසන්ටේෂන් එක නිසා හිතට හරිම කණස්සල්ලක් දැනෙනවා.
හෙට ප්‍රසන්ටේෂන් එක කරන්නත් ඕන.
දැන් මේක And technique එක යොදා ගෙන එකතු කළොත්,
"හෙට කරන්න තියෙන ප්‍රසන්ටේෂණ් එක නිසා හිතට හරිම කණස්සල්ලක් දැනුනා වුවත් එය මා කරනවා."
දැන් මේ වාක්‍යයම මෙහෙම කියත්දි දැනෙන "හැඟීම" හදුනගන්න බලමු.
"හෙට කරන්න තියෙන ප්‍රසන්ටේෂන් එක නිසා හිතට හරිම කණස්සල්ලක් දැනෙනවා, නමුත් එය මා කරනවා."
දැන් මේ වාක්‍ය දෙකේ, පළමු එකේදි, ඔබ හදුනාගන්නවා, ඔබේ හිතට කණස්සල්ලක් තිබෙන බව, ඒ එක්කම අදාල වගකීම ඉටු කරන්නත් ධෛර්යයක් ඇති කරගන්නවා.
දෙවැන්නෙදි, නමුත් මා එය කරනවා කියත්දි, වෙන කරන්න දෙයක් නැති නිසා "එය කරනවා" වැනි ටිකක් අඳුරු හැඟිමක් (පොඩි conflict එකක්) හිතට ගේන්නට පුළුවන්.
සමහර විට මේ වෙත්දිම මේ භාෂාමය ගැටළුව ඔබට දැනෙන්නට ඇති "වුනත්" අප තවත් වාක්‍යය කිහිපයක් ඔස්සේ මෙය හදුනාගන්නට උත්සාහ කරමු.
Situation: You're dealing with depression and hopelessness about recovery.
Without "And": "I feel hopeless, so I probably won't get better."
With "And": "I feel hopeless right now, and recovery is still possible."
තවත් කෙටි වාක්‍යය කිහිපයක්,
"I made a mistake, but I'm supposed to be perfect."
"I made a mistake, and I'm learning and growing."
දැන් මේක අපේ critic එකක් ගැලපෙන්නේ මෙන්න මෙහෙම.
හිතමු, අපේ හිත ඇතුලේ ඉන්න ක්‍රිටික් කියනවා "ඔබ හරිම දුර්වලයෙක්" කියල. එයා එහෙම කියත්දි ඔයා දාන්න and, දාල අනෙක් පැත්තට කියන්න
"මගේ ක්‍රිටික්, මා දුර්වල යැයි හැඟීමක් ඇති කරනවා වුවත් , බොහෝදේ ජයග්‍රහණය කරගන්නටත් මට හැකිවුනා" කියලා.
ඔයාගේ හිතේ හැංගිලා ඉන්න ක්‍රිටික් කියනවා
"ඔයාට කිසි වැඩක් හරියට කරගන්න බෑ" කියල.
දාන්න ඇන්ඩ් , දාල කියන්න මෙහෙම,
"මගේ හිතේ ඉන්න ක්‍රිටික් , මට කිසිම වැඩක් හරියට කරන්න බැරි බව කියනවා වුවත්, අද දවසේ සාර්ථක කටයුතු තුනක් කරගන්නට පුළුවන් වුනා."
මේ අවසන් වාක්‍යයට යමු. එතැනදි මා, මගේ හිත ඇතුලේ ඉන්න කෙනා කියන දෙය ගැන අවධානය දෙනවා මගේ ඇගේ අළව ගන්නේ නැතිව (මා වැඩක් කරගන්න බැරි කෙනෙක් කියල ලේබල් එක අලවගන්නේ නැතිව). ඒ එක්කම/සමඟම (and), මා ලැබූ සාර්ථකත්වයන් ගැන අවධානයත් යොමු කරනවා.
අදට ඇති වගේ.දැන් මේ ලිපිය මෙතෙක් කියවූවා නම් සමහර විට ඔබට යම් අදහසක් එන්නට ඇති. ඒ අපේ වචන භාවිතයම අපේ හැඟීම්, චිත්තවේග වෙත , අප නොදැනීම බලපෑමක් කරන බව. ලොකු දෙයක් නැතත්, එය හදුනාගන්නට පුළුවන් වුනා නම් එයම ජයක්.
මේ අප කතා කරමින් යන්නේ, චිකිත්සීය ලෙස භාවිත කෙරෙන මනෝ විද්‍යාත්මක, සහ භාෂාමය උපක්‍රම කිහිපයක් ගැන. ලබන සතියේ අපට ප්‍රායෝගිකව හුඟක් වැදගත් වන DBT උපක්‍රමයක් ගැන කතා කරමු.