ඩිමෙන්ෂියාව හෝ ඇල්සයිමර් වැනි තත්ත්වයක් සමඟ ජීවත්වන ආදරණීයයෙකුට සාත්තු කිරීමේදී යොදාගත හැකි වටිනා චිකිත්සීය උපක්‍රමයක් වන්නේ "චිකිත්සීයව බොරු කීම" (Therapeutic Fibbing) යි.
ඔව්, එය බොරු කීමක් වුවද, එය කරන්නේ රෝගියා රැවටීමට නොව, ඔවුන්ගේ දැඩි මානසික වේදනාව සමනය කිරීමට සහ ආරක්ෂාව තහවුරු කිරීමටයි.
ඇයි මෙහෙම "බොරු" කියන්නේ?
ඩිමෙන්ෂියාවේ ඇතැම් අවස්ථාවලදී රෝගීන්ට තමන් කවුද, තමන්ගේ වයස, තමන් ඉන්නේ කොහේද යන්න අමතක වීම හෝ කාලය හා පරිසරය ගලපා ගැනීමට නොහැකි වීම සිදුවේ.
තම සැමියා අපගේ සායනයට කැඳවාගෙන එන මවක් "මේ මගේ මල්ලි"* කියා හඳුන්වා දෙන අවස්ථා ඇත.
- එකම ඇඳේ නිදාගන්නා තම බිරිඳ "සතුරෙකු" ලෙස සිතා පහරදීමට තැත් කරන අවස්ථා ඇත.
වයස අවුරුදු අනූව ඉක්මවූ මිත්තණියක්, තමන් අවුරුදු දහනවයක තරුණියක් යැයි සිතමින් "මගේ අම්මා කෝ?"* යැයි අසමින් හඬා වැටෙන අවස්ථා ඇත.
- ඩිමෙන්ෂියාව නිසා රියදුරු බලපත්‍රය අවලංගු කළ පියෙක්, තමන්ට වැඩට යාමට අවශ්‍ය යැයි කියමින් වාහනයේ යතුර ඉල්ලා කලබල කරන අවස්ථා ඇත.
මෙවැනි සංවේදී අවස්ථාවලදී "ඔයාට දැන් වයස 90ක්, අම්මා නැතිවෙලා අවුරුදු 40ක් වෙනවා" කියා හෝ "තාත්තේ ඔයාට ඩිමෙන්ෂියා නිසා ලයිසන් එක කැන්සල් කළා" කියා යථාර්ථය (Hard Reality) පැහැදිලි කිරීමට යාමෙන් සිදුවන්නේ ඔවුන් දැඩි කම්පනයට, ශෝකයට, බියට හා ආවේගශීලී ආතතියට පත්වීමයි.
එමනිසා, එම මොහොතේ ඔවුන්ගේ යථාර්ථයට ගරු කරමින්, සුදුසු "කාරුණික සුදු බොරුවක්" (White Lie / Fib) යොදා ගැනීම ඔවුන්ගේ මනස සන්සුන් කරයි.
උදාහරණය 1: "තාත්තේ, කාර් එක කැඩිලා. ඒක හදන්න දවස් දෙකක් යනවා කිව්වා, අපි හෙට යමු"* යැයි පැවසීම.
උදාහරණය 2: "අම්මා කාමරේ නැන්දත් එක්ක කතා කර කර ඉන්නේ. අපි එයාටත් එක්ක රස කෝපි එකක් හදාගෙන යමු"* යැයි පවසා අවධානය වෙනතකට යොමු කිරීම.
Therapeutic Fibbing යොදාගන්නා ප්‍රධාන අරමුණු 2
- ශෝකය හා වේදනාව සමනය කිරීම (Mitigating Grief):
- ආරක්ෂාව තහවුරු කිරීම (Ensuring Safety):
චිකිත්සීය මුසාව භාවිතා කිරීමේ ආචාරධර්ම (Ethical Considerations)
මෙය රෝගියාව රවටා වාසි ලබාගැනීමක් නොවන බැවින්, ඉතාමත් වගකීමෙන් යුතුව පහත කරුණු අනුව භාවිත කළ යුතුය:
- 1. අවස්ථානුකූල බව (Situational Appropriateness):
- 2. සියලු සාත්තු සත්කාරකයින් එකම බොරුව දැනුවත්ව සිටීම (Consistency):
- 3. ප්‍රතිඵලය ඇගයීම (Outcome Evaluation):
FiNReDiCo සත්කාරක ක්‍රමවේදය
චිකිත්සීය බොරුව කෝකටත් තෛලයක් නොවන බැවින්, සාත්තු සත්කාරකයා සතුව පහත උපක්‍රම සියල්ලේම එකතුවක් තිබිය යුතුය:
- F - Fibs: සුදුසු අවස්ථාවේදී කාරුණික සුදු බොරුවක් පැවසීම.
- N - No Response: තර්ක නොකර, සන්සුන්ව සවන්දීම හෝ නිර්වාචිකව (Non-verbal) සෙනෙහස දැක්වීම.
- Re - Reality-orientation: රෝගියාට තේරුම් ගත හැකි සරල සීමාව තුළ යථාර්ථය සැහැල්ලුවෙන් මතක් කිරීම.
- Di - Distraction: සංගීතය, තේ/කෝපි කෝප්පයක් හෝ ප්‍රියතම ක්‍රියාකාරකමක් මගින් සිත වෙනතකට යොමු කිරීම.
- Co - Combination: ඉහත ක්‍රම කිහිපයක එකතුවක් අවස්ථානුකූලව ගලපා ගැනීම.
සමාප්තිය
ඩිමෙන්ෂියා සාත්තු සත්කාරයේදී "සත්‍යය ජයගැනීමට වඩා රෝගියාගේ මානසික සුවය, ගෞරවය සහ සතුට රැකගැනීම" සැමවිටම උතුම් වේ. චිකිත්සීය මුසාව යනු හුදු බොරුවක් නොව, සහකම්පනයෙන් පිරි ප්‍රඥාවන්ත ප්‍රතිකර්මයකි.