Today is a very special day for my family and me. It marks exactly 15 years since we left our homeland and arrived in Canada. Reaching this milestone gave me a moment to pause, reflect, and write down a few thoughts.
You probably know that writing has always been a favourite hobby of mine, and while I usually write longer, more detailed posts, this time I wanted to keep things simple and share our journey point by point. I wanted to outline what we lost, what we gained, the sacrifices we made, and the lessons life taught us over these 15 years. I hope sharing our experiences offers a helpful perspective or insight to anyone on a similar path.
අද මට වගේම අපේ පවුලටත් ගොඩක් සුවිශේෂී දවසක්. අපි උපන් බිමෙන් කැනඩාවට ඇවිත් අදට හරියටම අවුරුදු 15ක් පිරෙනවා. ඉතින් මේ සුවිශේෂී දවස, අවස්ථාව ගැන හිතන්නට වගේම ඒ ඔස්සේ ලියන්නටත් මට හිතුණා. ලිවීම විනෝදාංශයක් කරගත් මා, වෙනදට ටිකක් දිගට ලිව්වත්, මේ ලිපිය සරලව, කරුණූ ලෙස, අපේ මේ දීර්ඝ ගමන දිහා ආපසු හැරී බලන්නයි උත්සාහය. මේ අවුරුදු 15 ඇතුළේ අපට අහිමි වුණු දේ, ලැබුණු දේ සහ ජීවිතය කියා දුන් පාඩම් ගැන සරලව සටහන් කරන්න හිතුණා. මේ අත්දැකීම් සමාන ගමනක යෙදෙන තවත් කෙනෙකුට යම් ප්‍රයෝජනයක් වේවි කියලා මම හිතනවා.
1. What We Missed | අපට අහිමි වූ දේ
❤️Family and Loved Ones | ආදරණීයයන්ගේ ළඟම ඇසුර
We lost the physical closeness of our parents, relatives, and lifelong friends built over decades. We missed our beloved students, our old neighbourhood, and the simple, friendly people we connected with through our work in the hospital. Most of all, we missed the warm, genuine smiles of everyday people back home.
දශක ගණනාවක් තිස්සේ අපේ ජීවිතවල සිටි දෙමාපියන්, ඥාතීන් සහ හිතමිතුරන්ගේ ළඟම ඇසුර අපට අහිමි වුණා. අපේ ආදරණීය සිසුන්, පරණ ගම් වටපිටාව, වගේම රෝහල් පරිසරය තුළින් හමුවුණු අහිංසක මිනිසුන් අපට නැති වුණා. හැමදේටම වඩා, ඒ මිනිසුන්ගේ මූණුවල තිබුණු අවංක, ආදරණීය හිනාවන් අපට ගොඩක් මඟහැරුණා.
❤️ Familiar Surroundings and Culture | හුරුපුරුදු සංස්කෘතිය සහ පරිසරය
We missed the familiar food, language, humour, traditions, and rich cultural life we grew up with. Most of all, we missed that relaxed, easygoing rhythm of daily life and the deep warmth of Sri Lankan hospitality.
කුඩා කාලයේ සිටම හුරුපුරුදු වුණු ආහාර, රස, භාෂාව, විහිළු තහළු, සංස්කෘතික අංග සහ ඒ නිදහස්, සැහැල්ලු ජීවන රටාව අපට නැති වුණා. ඒ වගේම අපේ රටේ මිනිසුන් අතර තිබුණු ඒ හෘදයාංගම උණුසුම අපට මග හැරුණා.
❤️Our Established Professional Careers | ගොඩනගාගෙන තිබුණු වෘත්තීය ජීවිතය
We left behind years of dedicated study, clinical expertise, and the demanding yet rewarding rhythm of our nursing careers. Rebuilding our professional lives meant hitting reset, going back to studying, adapting to a new system, and starting all over again.
වසර ගණනාවක් තිස්සේ මහන්සි වී ඉගෙනගෙන, හෙද වෘත්තිය තුළ අප ලබාගෙන තිබුණු පළපුරුද්ද සහ ඒ අවිවේකී නමුත් සුන්දර සේවා රටාව අපට අතහරින්න සිදු වුණා. වෙනත් රටක නැවත වෘත්තීය ජීවිතය පටන්ගන්නවා කියන්නේ මුල සිටම ඉගෙනගෙන, අලුත් පළපුරුදු එකතු කරගනිමින් නැවත ආරම්භ කිරීමක් වුනා.
❤️Spontaneous Friendship and Visits | නිදහසේ කාලය ගත කිරීමේ අවස්ථාව
We lost the freedom to drop by and meet friends on a whim or spend unstructured time together. Instead, we had to learn to plan and schedule almost every visit and activity carefully.
හිතුණු ගමන් යාලුවෙක් බලන්න යන්න, නැත්නම් හවස් වරුවක නිදහසේ කතාබහ කරමින් ඉන්න තිබුණු අවස්ථාව නැති වුණා. ඒ වෙනුවට හැම දෙයක්ම කලින් සැලසුම් කරන්න අපට සිදු වුණා.
❤️The Tropical Climate | නිවර්තන කාලගුණය
We missed the year-round warmth, bright sunshine, and ocean breeze. Moving here meant trading that for four distinct seasons, a cold climate marked by changing landscape colours and freezing winters.
අවුරුද්ද පුරාම ලැබුණු හිරු එළිය, උණුසුම සහ මුහුදු සුළඟේ සුවඳ අපට අහිමි වුණා. ඒ වෙනුවට සෘතු හතරක් පුරා වෙනස් වෙන, සුන්දර නමුත් හොඳටම තද සීතල පරිසරයක්ද අපට හිමි වුණා.
❤️The Comfort of Intuitive Social Rules | හුරුපුරුදු සමාජ රටාව
We lost the comfort of navigating a society, culture, and set of unwritten daily rules that had been second nature to us since childhood. In Canada, we had to relearn everything from workplace dynamics to everyday social norms.
කුඩා කල සිටම අප හොඳින් දැන සිටි සමාජ රටාව, සංස්කෘතිය සහ නොලියවුණු නීති අතහැරලා, කැනඩාව තුළ රැකියා ස්ථානයේ හැසිරීම්වල සිට සමාජීය සිරිත් විරිත් දක්වා ගොඩක් දේ අලුතින් ඉගෙනගන්න සිදු වුණා.
2. What We Gained | අපට ලැබුණු දේ
💚Freedom and Opportunity for Our Daughters | දියණියන්ගේ අනාගතය සහ ස්වාධීනත්වය
Our primary goal was to give our children the space to enjoy their childhood, build the future they genuinely wanted, and grow into self-reliant adults. Canada gave us the exact platform to make that dream a reality.
අපේ ප්‍රධානම ඉලක්කයක් වුණේ දරුවන්ට නිදහස් ළමාවියක් ලබාදීලා, තමන් කැමති අනාගතයක් ගොඩනඟාගන්නත්, කාටවත් බරක් නොවී ස්වාධීනව ජීවත් වෙන්නත් අවශ්‍ය අවස්ථාව හදලා දෙන එක. ඒ අවස්ථාව මේ රටින් අපට උපරිමයෙන් ලැබුණා.
💚A Global, Forward-Thinking Education | පුළුල් අධ්‍යාපන අවස්ථා
We wanted to free our children from the intense academic pressure that begins as early as first grade in Sri Lanka. Instead, we sought an education open to diverse pathways and future-oriented learning. Today, both of our daughters are thriving as professionals in medicine and medical research, thanks to the opportunities and freedom the Canadian system provided.
පළමු පන්තියේ සිටම අධික තරගකාරීත්වයක් තියෙන අධ්‍යාපන ක්‍රමයෙන් මිදී, ලෝකයට විවෘත වුණු, අනාගතයට ගැලපෙන අධ්‍යාපනයක් දරුවන්ට දීම අපේ අරමුණක් වුණා. කැනඩා අධ්‍යාපන පද්ධතිය ඔවුන්ට ලබා දුන් ඒ අවස්ථා සහ නිදහස නිසාවෙන්, ඒ අරමුණ සාර්ථක වී අපේ දියණියන් දෙදෙනාම වෛද්‍ය සහ වෛද්‍ය පර්යේෂණ ක්ෂේත්රවල වෘත්තිකයන් ලෙස ඉදිරියට යනවා.
💚The Ability to Start Fresh | අලුතින් ආරම්භ කිරීමේ හැකියාව
We learned that starting over does not mean starting from zero. Our prior experience, knowledge, personal discipline, and willingness to learn became the foundation for rebuilding our lives.
අලුතින් පටන්ගන්නවා කියන්නේ හිස්තැනකින් පටන්ගැනීම නොවන බව අපි තේරුම් ගත්තා. අපේ වෘත්තීය දැනුම, පළපුරුද්ද, විනය සහ අලුත් දේ ඉගෙනගැනීමට තිබුණු උනන්දුව අපේ ජීවිත නැවත ගොඩනඟාගන්න විශාල හයියක් වුණා.
💚Personal Freedom for Our Family | අපට කැමති ලෙස ජීවත් වීමේ නිදහස
We wished for a life where we could guide our family on our own terms, away from unwanted external pressure, commentary, or interference. As a family, we built a peaceful, independent "family life" guided by our own values.
කාගෙවත් අනවශ්‍ය බලපෑම්, උපදෙස් හෝ අතපෙවීම් නැතිව, අපේ පවුලේ ජීවිතය අපට අවශ්‍ය විදියට නිදහසේ ගත කරන්න තිබුණු බලාපොරොත්තුව මේ රට තුළදී සාර්ථක කරගන්න අපට පුළුවන් වුණා.
💚Resilience and Personal Growth | ආත්මශක්තිය සහ පරිණතබව
We became far more adaptable, patient, and resilient. We learned how to face uncertainties without fear, accept setbacks gracefully, and adjust our sail whenever life called for a new direction.
ඕනෑම තත්ත්වයකට අනුවර්තනය වෙන්න, ඉවසන්න සහ අභියෝගවලට මුහුණ දෙන්න අපි ඉගෙනගත්තා. අවිනිශ්චිතතාවලට බිය නොවී මුහුණ දෙන්නත්, පසුබෑම් හමුවේ ගමන් මඟ වෙනස් කරමින් ඉදිරියට යන්නත් මේ ගමන අපට කියා දුන්නා.
💚A Broader Perspective on Humanity | ලෝකය සහ මිනිසුන් පිළිබඳ පුළුල් අවබෝධය
Living in a multicultural society expanded our understanding of people and global culture. It reinforced our core belief that regardless of differences in ethnicity, religion, or background, genuine kindness and mutual respect matter most.
බහුසංස්කෘතික සමාජයක ජීවත් වීමෙන් ලෝකය සහ මිනිසුන් දෙස පුළුල්ව බලන්න අපට හැකි වුණා. ජාතිය, ආගම, භාෂාව මොකක් වුණත්, ඒ හැමදේටම වඩා කරුණාව සහ අන්‍යෝන්‍ය ගෞරවය වටින බව අපේ විශ්වාසය තවත් තහවුරු වුණා.
💚A Deeper Connection to Nature | සොබාදහමේ අත්දැකීම්
While we always cherished Sri Lanka's natural beauty, living in Canada gave us the chance to experience nature on a vast, majestic, and completely different scale.
ලංකාවේ සුන්දරත්වය අගය කළ අපට, ඊටත් වඩා පුළුල් සහ වෙනස්ම ආකාරයේ ස්වාභාවික පරිසරයක අත්දැකීම් විඳගන්න කැනඩාව තුළදී අවස්ථාව ලැබුණා.
💚Giving Back to Others | අත්දැකීම් බෙදාහදා ගැනීම
Sharing our personal journey and the lessons we learned from relocating and settling in Canada allowed us to support and guide fellow friends starting their own transition.
කැනඩාවට පැමිණි ගමන සහ මෙහෙ ජීවිතය ගැන අපේ අත්දැකීම් බෙදාහදා ගනිමින්, අලුතින් පැමිණෙන තවත් යාළුවන්ට කිසියම් හෝ උපකාරයක් කරන්න ලැබීමත් ලොකු සතුටක්.
3. What We Sacrificed | අප කැප කළ දේ
🧡Professional Seniority and Status | වෘත්තීය ජ්‍යෙෂ්ඨත්වය සහ තත්ත්වය
We had to set aside the career rank, reputation, and authority we had built over the years in Sri Lanka and take on the humbling task of proving ourselves all over again.
ලංකාවේදී අප ලබාගෙන තිබුණු වෘත්තීය ජ්‍යෙෂ්ඨත්වය සහ තත්ත්වය යම් කාලයකට අතහැරලා, නැවත මුල සිටම කැපවීමෙන් වැඩ කරන්න අපට සිදු වුණා.
🧡Familiar Comfort and Security | හුරුපුරුදු ආරක්ෂිත බව
We left a comfortable, predictable environment and entered a new country where we had to make critical life decisions while navigating constant "unknowns".
හුරුපුරුදු ආරක්ෂිත වටපිටාව අතහැරලා, අනාගතයේ කුමක් වේදැයි නොදැන අලුත් දේ ඉගෙනගනිමින් සහ අභියෝගවලට මුහුණ දෙමින් ජීවත් වෙන්න සිදු වුණා.
🧡Tremendous Time and Energy | කාලය සහ ශ්‍රමය
Establishing a stable foundation in a foreign country demanded immense commitment, requiring us to invest countless hours, physical effort, and mental energy.
අලුත් රටක ස්ථාවර ජීවිතයක් ගොඩනගාගන්න විශාල කැප කිරීමක් කරන්න වුණා. අපේ කාලය, ශ්‍රමය සහ ශක්තිය ගොඩක් ඒ වෙනුවෙන් යොදවන්න සිදු වුණා.
🧡Initial Financial Stability | මූල්‍යමය ස්ථාවරත්වය
We stepped away from the financial security, accumulated savings, and properties we owned back home. Trading that certainty for an initial period of financial hardship was tough, but we worked step by step to regain independence.
ලංකාවේ ගොඩනගාගෙන තිබුණු ආර්ථික ස්ථාවරත්වය සහ දේපළ අතහැරලා, මුල් කාලයේ ආර්ථික අවිනිශ්චිතතාවලට මුහුණ දෙමින් නැවත හෙමින් හෙමින් ආර්ථික ස්ථාවරත්වය ගොඩනගාගන්න සිදු වුණා.
4. What Life Taught Us | මේ ගමනේදී ජීවිතය අපට කියා දුන් පාඩම්
💙Starting over is not starting from zero. නැවත පටන් ගැනීම බිඳ වැටීමක් නොවේ.
Your experience, knowledge, and integrity travel with you; they remain your most valuable assets anywhere in the world.
අලුතින් පටන්ගැනීම කියන්නේ හිස්තැනකින් පටන්ගැනීම නෙවෙයි. වෙනත් රටක, අළුත් ජීවිතයක් නැවත පටන්ගත්තත් අපේ අත්දැකීම් සහ දැනුම අපේ වටිනාම සම්පත් ලෙස අප ළඟම තියෙනවා.
💙Success is deeply personal. සාර්ථකත්වය අනුන්ගේ නොවේ.
True success is not measured solely by income, credentials, or job titles. Peaceful family life, good health, and peace of mind matter just as much.
සාර්ථකත්වය කියන්නේ හැමෝටම එකම දෙයක් නෙවෙයි. හොඳ ජීවිතයක් මනින්නේ ආදායම හෝ තනතුරු වලින් විතරක් නෙවෙයි; මානසික සැනසීම, සෞඛ්‍යය සහ පවුලේ සතුට ඊටත් වඩා වටිනවා.
💙Children need open pathways, not rigid blueprints. දරුවන් ඔවුන්ගේ අනාගතය ලබා ගන්නට දෙන්න.
Our responsibility as parents is to provide our daughters with choices and unwavering support, not to dictate every step of their lives.
දරුවන්ට අවශ්‍ය වන්නේ අපි තීරණය කළ අනාගතයක් නෙවෙයි, ඔවුන්ට අපෙන් අවශ්‍ය වන්නේ තමන්ගේ අනාගතය හොයාගන්න අවස්ථා සහ සහයෝගය විතරයි.
💙Hard work must be paired with adaptability. මහන්සි වීමම සාර්ථක නොවිය හැක
Effort alone doesn't guarantee everything goes according to plan. Sometimes we must accept setbacks, learn from mistakes, and pivot gracefully.
මහන්සි වුණු පමණින්ම, හැමදේම අපේ සැලසුම් ලෙස සිදු නොවන්නට පුළුවන්. සමහර වෙලාවට පසුබෑම් පිළිගෙන, වැරදිවලින් ඉගෙනගෙන, සැලසුමක් ඇතිව, වෙනත් පාරක යන්නත් සූදානම් වෙන්න ඕනේ.
💙Health is true wealth. නිරෝගිකම අමිල වටිනාකමකි.
Navigating personal health challenges taught our family to treasure every day and celebrate what we can still accomplish together.
ජීවිතයේ මුහුණ දෙන්න වුණු සෞඛ්‍ය අභියෝගවලින් අපි තේරුම් ගත්තේ නිරෝගීකම තරම් තවත් සම්පතක් නැති බවයි. එකට ඉන්න ලැබෙන හැම මොහොතක්ම අගය කරන්න අපි ඉගෙනගත්තා.
💙Time is our most non-renewable resource.
You cannot recover lost time with those you love. Cherish every ordinary moment spent together today.
කාලය නැවත ලබාගන්න බැහැ. ආදරය කරන අය එක්ක මඟහැරෙන මොහොතවල් නැවත ලැබෙන්නේ නැති නිසා, දරුවන්, පවුලේ හැම සමඟ එකට ඉන්න ලැබෙන කාලය උපරිමයෙන් අගය කරන්නට ඕනේ.
💙Home can exist in more than one place. නිවස , හදවත රැදෙන තැනයි
You can miss Sri Lanka deeply while feeling immensely grateful for Canada. Our roots and our present reality can peacefully coexist in our hearts.
"නිවස" කියන්නේ එකම එක තැනකට විතරක් නෙවෙයි. ලංකාව ගැන ආදරණීය මතකයන් තියෙද්දිම, කැනඩාව ගැන කෘතඥ වෙන්න අපට පුළුවන්. ඒ දෙකම අපේ හදවතේ එක වගේ තියෙනවා.
💙You don't need all the answers to take the first step. සියළු උත්තර ලැබෙන තුරු අභියෝග නොලබා ඉන්නට බැහැ.
Courage isn't about knowing the exact outcome; it's the willingness to move forward even when the road ahead is uncertain.
අභියෝගයකට මුහුණදෙන්නට පටන්ගන්න කලින්ම සියලුම උත්තර දැනගෙන ඉන්න අවශ්‍ය නැහැ. ධෛර්යය කියන්නේ ඉදිරියට වෙන දේ හරියටම දැනගැනීමම නෙවෙයි, අවිනිශ්චිතතාවය මැද වුණත් පළමු පියවර තැබීමයි.
5. What We Are Most Grateful For | අප වඩාත්ම කෘතඥ වන දේ
💜 Our Daughters අපේ දරුවන්
The two little girls who boarded the plane with us 15 years ago have grown into strong, independent, and capable women building their own professional futures.
අප සමඟ කැනඩාවට ආ පුංචි දියණියන් දෙදෙනා අද තමන්ගේ අනාගතය සාර්ථකව ගොඩනඟාගන්නා ස්වාධීන, ශක්තිමත් වැඩිහිටියන් බවට පත්ව සිටීම.
💜 Our Partnership අප දෙදෙනා දැරූ බර
Navigating total uncertainty, adapting through career resets, and standing by each other through every high and low as a couple.
අවිනිශ්චිතතා සහ අභියෝග හමුවේ එකිනෙකාට ශක්තියක් වෙමින් එකට මේ ගමන පැමිණීමට ලැබීම.
💜Canada's Opportunities කැනඩාව ලබා දුන් අවස්ථා
The chance to build a quiet, safe, and meaningful life aligned with our core values.
අපේ පවුලේ වටිනාකම්වලට ගැලපෙන සාමකාමී ජීවිතයක් ගොඩනඟාගන්න කැනඩාවෙන් ලැබුණු අවස්ථාව.
💜The Strength to Keep Moving Forward අභියෝග බාරගෙන ඉදිරියට යන්නට තිබුණු ධෛර්යය
Learning to live alongside life's uncertainties, learning from every hardship, and continuing forward.
අභියෝග හමුවේ නොවැටී, අත්දැකීම්වලින් ඉගෙනගනිමින් දිගටම ඉදිරියට යාමට ලැබුණු ශක්තිය.
💜Life’s Simple Blessings - ජීවිතය අපට දුන් සතුට
Family conversations around the table, quiet moments, connection to nature, and simple time spent together.
පවුලේ කතාබහ, සොබාදහම, සාමකාමී දවස් සහ එකට ගත කරන කාලය වැනි පුංචි දේවල්වලින් ලැබෙන විශාල සතුට.
Final Reflection | අවසාන ආවර්ජනය
Exactly 15 years ago today, we left Sri Lanka with our two little daughters, four CoPR papers, around $25,000 CAD, two Sri Lankan passports, and no concrete master plan for the future. Today, we look back with immense gratitude for the life we’ve built, the opportunities we were given, and the personal growth along the way.
It’s true, on this journey, we missed precious connections, familiar places, and irreplaceable moments. But in return, we gained new doors opened, the strength to face any challenge, true independence, and the pure joy of watching our daughters shape their own futures.
We didn't build a picture-perfect life in Canada, nor did we become "wealthy". What we built is something far more valuable: a life that fits our family, holds genuine meaning for us, and is simply a life we love. And that is more than enough.
අදින් හරියටම වසර 15කට පෙර අපි ශ්‍රී ලංකාවෙන් පිටත් වුණේ පුංචි දියණියන් දෙදෙනෙක්, ස්ථිර පදිංචිය තහවුරු කරන ලියකියවිලි හතරක්, කැනේඩියානු ඩොලර් 25,000ක පමණ මුදලක්, ශ්‍රී ලංකා විදේශගමන් බලපත්‍ර දෙකක් සහ අනාගතය පිළිබඳ ලොකු සැලසුම් මුකුත්ම නැතුවයි. අද අපි ආපසු හැරී බලන්නේ අප ගොඩනඟාගත් ජීවිතය, අපට ලැබුණු අවස්ථා සහ අප ලැබූ පරිණතබව පිළිබඳ විශාල සතුටකින්.
ඇත්ත, මේ ගමන ඇතුළේ අපට අපේ ළඟම බැඳීම්, හුරුපුරුදු තැන් සහ නැවත ලබාගත නොහැකි සුන්දර මොහොතවල් මඟහැරුණා. ඒ වෙනුවට අපට අලුත් අවස්ථා, අභියෝගවලට මුහුණ දීමේ ශක්තිය, ස්වාධීනත්වය සහ අපේ දියණියන් තමන්ගේ අනාගතය ලස්සනට ගොඩනඟාගන්නා ආකාරය දැකීමේ සතුට ලැබුණා.
මෙතෙක් ආ ගමනේ, අපි කැනඩාව ඇතුළේ පරිපූර්ණ ජීවිතයක් හෝ ලොකු සල්ලිකාරයන් ලෙස ජීවිතය ගොඩනඟාගත්තේ නැහැ. අපි ගොඩනඟාගත්තේ අපේ පවුලට ගැලපෙන, අපට වටිනාකමක් දැනෙන, "අපි ආස කරන අපේම නිදහස් ජීවිතයක්" . ඒ හොඳටම ඇති අපට!
නිමාවට පෙර,
ඉතින්, මේ ලැබූ අත්දැකීම් තුල අප විඳි, උගත් යමක් ඇත්නම්, නොසඟවා, නොවිකුණා ඒ අදහස්, අත්දැකීම් වගේම අභියෝග ඔස්සේ ලැබූ ජීවන අත්දැකීම් බෙදා ගන්නට හැමදාමත් මා සූදානම්, ඒ අපේ "කැනඩාවට එන්නට මඟ" ගෲප් එක ඇතුලේ, එහෙම නැත්නම් "සිත් සුව අරණ" ෆේස්බුක් ගෲප් එක ඇතුලෙ වෙන්නත් පුළුවන්.
🍁ෆේස්බුක් ගෲප්ස් ඔස්සේ නැතිව ,කෙළින්ම මගෙන් යමක් විමසන්නට ඇත්නම් මෙන්න මේ ලිංක් එක ඔස්සේ ඒ වෙනුවෙන් ඔබට අවස්ථාව තියෙනවා. Ask Mike