පොඩ්ඩි මත වුනා දොරෙන් , හිනාවක් දාගෙන කෙළින්ම මා ගාවම ඇවිත් නැවතුනේ , ..“කෝ ..අක්කි ආවේ නැත්ද ...““නෑ ...අපි ඉස්සරහින් ඉමු , එයා ඉතින් යාළුවොත් එක්ක චැට් එකක් දාගෙන ඒවි , ..“....
![]() |
| මෙන්න බයික් ... |
එක එක වාහන හෙමිහිට පාර දිගේ ඇදෙනවා , මේ වෙලාවට ටිකක් තදබදය වැඩියි , ඒ වුනාට විනාඩු පහකින් ඔක්කොම නිදහස් ..පාරත් නිදහස් ...
බ්රූම් ..බ්රූම් ........
“තාත්ති අන්න NG එකක් , ලස්සනයිනේ , ...ඒ වුනාට අම්මෝ සද්දේ ....“වාහන අස්සේ හෙමින් එන මොටර් බයික් එකක බර හඩත් එක්ක පොඩ්ඩ් කෑගහනවා , මටත් එක කාළයක් මොටර් බයික් ගැන තිබුණු කුතුහලයත් එක්ක , බයික් වර්ග ගැන කතා වෙන නිසා මේ දෙන්නත් ටිකක් දන්නවා ඒ ගැන .
“නෑ......ඒක NG නෙවි ...GN ....දැක්කද අර හැන්ඩ්ල් එකේ හැඩේ ...,‘‘ ලොකූත් එකතු වුනා ..
“දෙන්නම වැරදියි ...ඒක Harley Davidson බයික් එකක් , එකට කියන්නේ HD කියල ...අපේ ගෙදර තිබුණු බයික් එක වගේ පහලොස් ගුණයක් power එකක් තියෙනවා .. ඇහෙනවනේ බර සද්දේ ....“....
මටත් දැක්කම ආසා හිතුනත් මෙහේ ඒ වගේ බයික් එකක් නඩත්තු කරන එක ලේසි වැඩක් නෙවි ..අනෙක ඉතින් ගියත් යන්න පුළුවන් එකකෙනාටනේ ..ලංකාවේ නං ඉතිං හතරක් පහක් යන්න පුළුවන් ....
බයික් ගියා .අපි ගෙදර ආවා ..මනෝජත් එයාගේ පුහුණුවකට ගිය නිසා ගෙදර තනියම ඉන්න ටිකේ ..දෙන්නට පොත් බලා ගන්න කියල මං ආවා පරිගණකෙට ...යමක් ලියන්න හිතාගෙන ...මොකද මට ලියන්න මාතෘකාවක් අරන් දුන්නනේ මේ දෙන්න ....
මාතෘකාව තමයි ...N.G.....ලෙඩක් නෙවි ..ලෙඩක් දාන කෙනෙක් මේ ..Neisserea gonhorrea ...දැං සමහර අය දන්නව ඇති මේ කවුද කියල ..ඔව් ගොනෝරියාව කියන ලිංගාශ්‍රිත බෝවන රෝගය ඇති කරන බැක්ටීරියාවගේ නම තමයි ඒ....
ඒ නිසා අපි අද කතා කරන්න යන්නේ N.G. හදන ගොනෝරියාව ගැන ...
කොච්චර කොරත් මොච්චරයි කියල ..අදත් හැමදාම වගේ “මොකක්ද මේ ගොනෝරියාව “ කියලම පටන් ගමුනේ...“ඕක තියෙන්නේ හංගේරියාවට ටිකක් දුරින් ...“ ...එහෙම කියන්න නම් එපා ..මොකද මේක “සෙල්ලං කරල හදා ගන්න“ ....සෙල්ලං නැති ලෙඩක් ....
මේ රෝගය ප්‍රධානව ලිංගාශ්‍රිත සම්ප්‍රේශනය වන රෝගයක් .නැත්නං (ඔබා අයිය කියනවා වගේ උළුක්කු වෙන වචන නැතිව කිව්වොත්) ...Sexually Transmitted Disease නමින් හදුන්වන රෝග කාණ්ඩයට තමයි ඇතුළු වෙන්නේ ....ඉතින් කෝමද මේ බැක්ටීරියාව ඇඟට ඇතුළු වෙන්නේ ....
ඊට ඉස්සර කියන්න ඕන.මේ ගොනෝරියා බැක්ටීරියාව හරි කැමතියි තෙත් , උණුසුම් ,ඒ වගේම හොඳ ප්‍රෝටීන ස්‍රාවයන් පිරිච්ච තැනක ඉන්න , ඒ වගේම ඒ පරිසරයේ මෙයා හොඳට පැටවු දාල ඉක්මණට වැඩෙනවා , ඒ නිසා අපේ ඇඟ ඇතුළෙ , විශේෂයෙන්ම ලිංගාශ්‍රිත අවයව , නල , වල , ඊළඟට ගුද මාර්ගයේ ඇතුළු බිත්ති වල , යෝනි මාර්ගයේ ගැබ් ගෙල ආශ්‍රිතව (ගැබ් ගෙල ප්‍රෙද්ශයේ - cervix )වගේම උගුරේ ඇතුළු පටක වලත් සමහර විට ඇසේ වුනත් මෙයාට වැඩෙන්න පුළුවන් .....ඔව් ඉතින් වැඩෙන්න පුළුවන් බව දැන ගත්තා ...ඉතින් වැඩෙන්න කොහෙන්ද එන්නේ ..හුළඟෙන්ද ...නැත්නම් අතින්ද ?.....මේ රෝගය ප්‍රධානව සම්ප්‍රේශනය වන්නේ ලිංගික එක්වීම් එක්ක ......දැන් ඉතින් කිව් ගමන් බය වෙන්න එපා ....ම්...ටිකක් කල්පනාකාරී වීම සහ දැනුවත් වීම තමා වඩා වැදගත් ....ඒ කිව්වේ ...නිරෝගී දෙදෙනෙක් අතරේ වෙන ලිංගික එක්වීමකදි මෙය බෝවෙන්න විදියක් නැහැ ඒ වගේම කොන්ඩමය නිවැරදිව භාවිත කරමින් කරන ආරක්ෂිත ලිංගික එක්වීමකදිත් එසේ වෙන්නේ නැහැ ...
දැන් ඉතින් දැන ගන්න ඕන ප්‍රශ්න ගොඩක් තියෙන බව මං දන්නවා , ටික ටික කියන්නං ...කාන්තාවක් සහ පිරිමියෙක් අතර යෝනි මාර්ගය ඔස්සේ සිදුවන එක්වීමකදි විතරද මේ බැක්ටීරියාව නිරෝගී කෙනාට ඇතුළු වෙන්නේ කියල අහන්න හිතෙනව නේ ...ඕකට උත්තරේ හරි ලේසියි ..අපි කිව්වනේ මේ බැක්ටීරියාව ඉන්න පුළුවන් තැන් ..ගුද මාර්ගය , උගුර , ඇස ...ඉතින් ඔතනින් අපි ඇහැ අයින් කරමු , මොකද එයා මේවට ගාව ගන්න ඕනයැ....ඒ නිසා ගුද සංසර්ගය Anal intercourse හෝ මුඛ සංසර්ගය Oral intercourse කියන අවස්ථා දෙකේදිත් මේ විදියට ලෙඩේ බෝවෙන්න පුළුවන් ...විශේෂයෙන්ම Anal intercourse අවස්ථාවෙදි ගුද මාර්ගයේ විගේම පුරුශ ලිංගේන්දියේත් පටක ඉරියාම් වෙන අවදානම වැඩි නිසා බැක්ටීරියාවට හරිම ලේසියෙන් අනෙත් කෙනාට මාරු වෙන්න පුළුවන් ...අනෙක් වැදගත්ම ප්‍රශ්නය අහන්න පුළුවන් , “අපි ලිංගිකව එක්වුනාට ශ්‍රක්‍රාණු පිට වෙන්න Ejaculation ඉස්සර වෙලා වැඩේ නැවැත්තුව ඉතින් බෝවේද කියන එක ... “ ..ඔව් එක් අයෙකුට මේ ලෙඩේ තිබුණනම් බෝවෙන්න පුළුවන් , මොකද මෙතැනදි වැදගත් ශුක්‍රාණූ පිට වුනාද නැත්ද කියන එක නෙවි ,බැක්ටීරියාවට හුවමාරු වෙන්න ඕන කරන තරල ගෑවුනාද කියන එක , අද හුඟක් කතා කරන සමලිංගික ක්‍රියාකාරකම් වලදි මේ අනතුර තිබේද කියන එක ...ඔව් , Gay and Lesbian දෙගොල්ලන්ටත් ....මේ අවදානම තිබෙනවා . හොඳට මතක තියා ගන්න ඕන දේ , මේ බැක්ටීරියාව උගුරෙත් ඉන්නවා ......!!
ඔන්න දැන් ඉතින් එයාව අතින් වත් අල්ලන් තැනිව ඉන්න එපා ...සාමාන්‍ය ස්ඵර්ශ කිරීම් , වැළඳ ගැනීම් (දේහ , ලිංගික තරල නොගෑවෙන පරිදි) මඟින් මේ ගෝනෝරියාව බෝවෙන්නේ නැහැ ., ඒත් රෝගියාගේ ලිංගික තරලයක් ඔබේ ඇඟිළි වල ගෑවුනා නම් . ...දැන් ඔබ වැරදිලාවත් ඔබේ ඇහැ පිසදාන්න අර තරලය සහිත ඇඟිල්ල ඇසේ ගෑවොත් ඔබත් සළු තමා ...ඒ කිව්වේ ඔබටත් දැන් මේ රෝගය ඇස ආශ්‍රිතව ඇතිවීමට අවදානමක් තිබෙනවා .....මේ වැඩේම ගොනෝරියාව සහිත ගර්භණීමවකට උපදින දරුවෙකුටත් වෙන්න පුළුවන් , ඒ විදියට යෝනි මාර්ගය තුලින් එත්දි දරුවගේ ඇසේ ඒ තරලය ගෑවුනොත් දරුවාට උපතින්ම ගොනෝරියා රෝගය හැදෙනවා , ඒ නිසා අපි තව ටිකකින් කියන ලක්ෂණ සහ ඊට තුඩු දෙන සැකයක් තිබේනම් , ඒ වගේම ඔබ ගර්භනී නම් ඉක්මණින් ඒ බව ඔබේ වෛද්‍යවරයාට පවසන්නම ඕන , එවිට ඔබත් ඔබේ දරුවාත් දෙන්නම ආරක්ෂා කරගන්නට පුළුවන් වෙනවා ..
| පාට පාට ලෝ....කයක් .. |
ඕන් දැන් ඉතිං කෝච්චිය ගියා වගේ කියවගෙන ගියා නේ ...මේ සමහර දේ පුළුවන් සරළම සහ සමාජයේ විස්තර කරන්න පුළුවන් යහපත්ම විදියටයි විස්තර කළේ ...අදාල තැන් ප්‍රායෝගිකව තේරුම් ගන්න බලන්න ...ප්‍රශ්න තිබුනොත් දාන්න ..උත්තර දෙන්නම් ...මොකද වෙන ලෙඩ වගේ නෙවි STD ගැන කතා කරන්න නම් සමාජය ඇතුළෙ ඒ ගැන තියෙන අවබෝධය පිළිබඳව , කටකතාත් දැන ගන්නම ඕන ..මොකද ඒ සමහර කටකතා නැත්නම් වැරදි මත නිසා මේ රෝග තත්ත්වය පාලනය කරන්නට අමාරු වෙනවා ..
![]() |
| ගිණි පිඹිල්ල... |
මේ රෝගී කාත්තාවගේ ආර්තව චක්‍රයට නොගැලපෙන අවස්ථා වලත් සුළු වශයෙන් ලේ වහනය වීමක් වෙනවා .ඒ වගේම බඩේ යට හරියේ තද කැක්කුමකින් තමයි හැම තිස්සෙම ඉන්නේ ...මුත්‍රා කරන්න ගියාම නම් ඉවසන්න බැරි දැවිල්ලක් ., ඒ වගේම වාර ගණනත් වැඩියි , මේ මුත්‍රා කරල එන ගමන් ..මෙන්න ආයෙත් යන්න වගේ ....හැබැයි දැන් ඉතින් කටට සැරට කොච්චි සම්බෝලයක් එහෙම කාපු දවසට මෙහෙම උනා කියල මූණ බයේ නටන්න හදන්න එපා ... ...
| අන්ධකරවන රතු විම |
| කට පරිස්සම් කර ගන්නට |
| මෙන්න සැර බැක්ටීරියා.. |
එහෙනං බයික් එකෙන් පටන් ගත්ත කතාව ටිකක් දුර ගියා ..කෝකටත් ඔය හැමදේම “දුර දිග“ බලලා කරගන්න එකතමා හොඳ ..ඒකට දැනුම කියන සම්පත හරියට ප්‍රයෝජනේට ගන්න හැඟීම් සහ සංවේදනයන්ට විතරක් මුල් තැන දෙන්න ගිහින් ලෙඩ හදාගන්නවා හෙම නෙවි....
එහෙම නම් අදට ගිහින් එන්නම් ...ඔබ සැමට සුවය වගේම සතුට පිරි දිවියක් .....

