2026/05/04

ReCare360 Caregiver පුහුණුව නොමිලේ


Caregiver කියන role එක අපේ පවුල ඇතුලේ ඉඳන්, සංකීර්ණ සෞඛ්‍යය සේවා පරිසරය දක්වා විහිද යන සේවයක්, උපකාරයක් සමහර විට රැකියාවක් හෝ වෘත්තීයක්. විශේෂයෙන්ම අද දවස වෙත්දි වැඩිවන වියපත් ජනගහණය, සෞඛ්‍යය ගැටළු වගේම කාර්ය බහුල ජීවන රටාවත් මේ Caregiver සේවයට ඇති ඉල්ලුම ඉහළ නංවනවා. මේ කියන්නේ, ලංකාව තුල ඇති ඉල්ලුම ගැන විතරක් නොවේ, ලෝකය පුරාම ඇති ඉල්ලුම ගැන.
පොදුවේ ගත්තොත්, මැදපෙරදිග, ඊශ්‍රායලය, සිට කැනඩාව වගේ රටවල මේ රැකියාව සඳහා ඉහළ ඉල්ලුමක් තිබෙනවා පමණක් නොවේ, කැනඩාව වගේ රටක් ගත්තොත්, ‍ඊට ඇතුළු වීමට, රට තුල පදිංචිවීමට , පුරවැසිබව ලබා ගැනීමට පවා මේ රැකියාවේ වටිනාකම උදව් කරගන්නට පුළුවන්. ‍

මේ දැඩි ඉල්ලුම නිසා, ‍මෙවැනි රටවල Caregiver පුහුණුව ලබා ගැනීම සඳහා විවිධ පාඨමාලා ඕනෑ තරම් තිබුණත්, ලංකාවේ ඉන්න අපට ඒ අවස්ථාව ඉතාමත් අඩුයි. යම් පාඨමාලා තිබුණත්, ඒ තුල ලබා දෙන පුහුණුව තුල ඇති ප්‍රායෝගික බව හෝ පුහුණුව ලබා දෙන්නන්ගේ වෘත්තීය සුදුසුකම් සහ අත්දැකීම් පිළිබඳ ගැටළු ඇති අවස්ථා තිබෙන්නට පුළුවන්. විශේෂයෙන්ම ඩිමෙන්ෂීයාව වගේ තත්ත්වයක් පිළිබඳ සාර්ථක අත්දැකීම් ලබා ගැනීමට ප්‍රමාණවත් පුහුණු සහ විශේෂඥ පුහුණුව සහිත වෘත්තිකයන් ඉන්නේ ඉතාමත් සීමිත පිරිසක්.
මේ තත්ත්වය සඳහා යම් උදව්වක් ලෙස, ජාත්‍යන්තර මට්ටමේ Caregiver training එකක්, Online ක්‍රමය ඔස්සේ ලබා දීමටයි අපගේ සැලසුම. මේ, 

➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
ReCare360: Integrated Caregiver & Dementia Training Program
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
මේ තුල පහත ක්ෂේත්‍ර පිළිබඳ දැනුම ලබා ගැනීමට අවස්ථාව ලැබෙනවා. ඒ
  • 1) Basic caregiver skills (සාමාන්‍ය, සාත්තුසේවා පුහුණුව)
  • 2) Dementia care training (ඩිමෙන්ෂියා සාත්තු පුහුණුව)
  • 3) Recreation therapy skills (සාත්තුවට දායක වන චිකිත්සීය කුසලතාවයන්) 
  • 4) Assistive device management skills (විශේෂිත සහායක උපකරණ කළමණාකරණ කුසලතාවයන්)

තවත් විදියකින් කිව්වොත්, මේ පුහුණුව සාර්ථකව සම්පුර්ණ කරගන්නට පුළුවන් නම්, caregiver ක්ෂේත්‍රය තුල තිබිය යුතු දැනුම සාර්ථක මට්ටමකට ලබා ගන්නට. 

✅ReCare360 විශේෂත්වය මෙයයි.

මේ තුලින් ලැබෙන්නේ සාම්ප්‍ර්‍රදායික කෙයාගිවර් පුහුණුවක්ම නොවේ. එතැනින් එහාට ගිය , කෙයාගිවර් කෙනෙක් විදියට තම රැකියාව තුල වගේම රැකියාවේ ඉහළට යාමට වැදගත් වන තවත් ක්ෂේත්‍ර ගණනාවක දැනුම ලැබෙනවා. උදාහරණයක් විදියට, සාත්තුව තුල තම සේවාලාභියා ඩිමෙන්ෂියා හෝ සමාන ගැටළු ඇත්නම් ඒ සඳහා අවශ්‍ය උපක්‍රමික සාත්තු ක්‍රම, මතක චිකිත්සාව, ක්‍රීඩා , ක්‍රියාකාරකම් ඔස්සේ තම සේවාලාභියාට උපරිම සාත්තුවක් ලබා දීමේ ක්‍රම වගේම, සාත්තු පරිසරය තුල මෙන්ම තම සේවාලාභියා පාවිච්චි කරන විවිධ උපකරණ කළමණාකරනය, නඩත්තුව වගේ දැනුමත් මේ තුල ලැබෙනවා. ඒ කියන්නේ මෙම දැනුම සහිත අයෙක් තම ආයතනයට බඳවා ගන්නා සෞඛ්‍යය ආයතනයකට හෝ පුද්ගලයෙක්ට වඩාත් සාර්ථක සේවාවක් ලබා ගන්නට හැකියාවක් ලැබෙනවා වගේම මෙම දැනුම සහිතව සේවයට එක්වන්නාට , තම දැනුම ඔස්සේ වඩාත් සාර්ථක සේවයක් ලබා දීමේ සතුටත් ලැබෙනවා.

මෙය, ඔන්ලයින් ක්‍රමය ඔස්සේ සිදුවුනත්, ඊට අමතරව  self-study , volunteering වගේ අමතර ක්‍රියාකාරකම් කරමින් වඩාත් සාර්ථක අත්දැකීමක් සහ කුසලතාවයක් ලබා ගන්නට අධ්‍යයන කරන්නාට සිදුවෙනවා. 
පුහුණුවට අදාල දැනුම, අන්තර්ජාලය ඔස්සේ, ලිපි, වීඩියෝ, වීඩියෝ සාකච්ඡා වගේ ක්‍රම ඔස්සේ ලබා දෙන අතරේ, ඒ තුල අවශ්‍ය සම්බන්ධීකරණයන්, මතක් කිරීම් වගේම තම දැනුම වගේම මතුවන ගැටළු සාකච්ඡා කරගැනීමට, එකිනෙකාට උදව් කරගැනීමට අවශ්‍ය තාක්ෂණික පරිසරයකුත් තිබෙනවා. 

✅කාටද වැදගත් වන්නේ?

  🔘කෙයාගිවර් කෙනෙක් විදියට දැනට කටයුතු කරන,
  🔘කෙයාගිවර් ක්ෂේත්‍රයේ රැකියාවකට ඇතුළු වන්නට සැලසුම් කරන,
  🔘අළුත් රටක් තුල රැකියාවක් සොයා ගන්නට උත්සාහ කරන, 
  🔘දැනට කෙයාගිවර් හෝ සෞඛ්‍යය ක්ෂේත්‍රයේ රැකියාව කරන (අප්ග්‍රේඩ් එකක් විදියට)
  🔘අළුත් යමක් ඉගෙන ගන්නට කැමැති ඕනෑම අයෙක්ටත් වැදගත් වේවි.

✅පාඨමාලා කාළය:  මාස 12ක්

✅මාධ්‍යය :  සිංහල- ඉංග්‍රීසි මිශ්‍ර 

✅මූලික සුදුසුකම් :  ශ්‍රී ලාංකික අයෙකු වීම සහ  online සරළ පරීක්ෂණයකින් සමත්වීම පමණයි.

✅පාඨමාලා ගාස්තුව:  පාඨමාලා ගාස්තුවක් නැත, සියල්ල නොමිලේ.

✅පාඨමාලාව අවසානයේ : Completion certificate එකක් ලැබේවි  
(මෙම පාඨමාලාව සාර්ථකව සම්පුර්ණ කළ බව සහතික වීමක් පමණි)

වැඩි තොරතුරු සහ  ලියාපදිංචිවීම( pre-registration) සඳහා පහත ලිංක් එක ඔස්සේ එන්න.


(මෙම පුහුණුව වැදගත්විය හැකි ඔබේ මිතුරන් සමඟද තොරතුර බෙදා ගන්න)

🎯For more details and updates, follow the ReCare360 page on https://www.facebook.com/ReCare360

No comments:

Post a Comment

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)